FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලවලට ඉවත් වන්නැයි දැනුම් දෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දෙන්නැයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර අමාත්‍යාංශ ලේකම්වරු වෙත දැනුම් දී තිබේ.

නැවත සුදුසු අය ආයතන වෙත පත් කරන තුරු එම ආයතන වල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසද චක්‍ර ලේඛණයක් මගින් අමාත්‍යංශ ලේකම්වරුන් වෙත ජනාධිපති ලේකම් විසින් උපදෙස් ලබාදී ඇත.