(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දෙසැම්බර් 3 වනදාබැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුව සකස් කළ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ වනවිටත් ඊට අදාළ වාර්තාව ලැබී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා මහබැංකුවේ විගණකාධිපතිවරයාගේ උපදෙස් පරිදි 2015 පෙබරවාරි එකේ සිට 2016 මාර්තු 31 දක්වා කාලය තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ විමර්ශනය කිරීම, පරීක්ෂා කිරීම සහ වාර්තා කිරීම සම්බන්ධයෙන් ජනපති පරීක්ෂණ කොමිෂන් සභාව මඟින් අභ්‍යන්තර විමර්ශන වාර්තාවල අඩංගු කරුණු සලකා වාර්තාවක් සකස් කරන ලෙසට දැනුම්දී තිබිණි.
එම කණ්ඩායම විදේශ සාමාජිකයන්ගෙන් සමන්විත වන අතර මේ සඳහා ජාත්‍යන්තර පළපුරුද්ද සහිත විගණන සමාගම් තෝරා ගනු ලැබීය.








