(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර පැවති හමුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා ඩොලර් මිලියන 400 ක මුදලක් ලබා දීමට ඉන්දීය අගමැතිවරයා එකඟ වී තිබේ.
සිය ඉන්දීය සංචාරය අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද පස්වරුවේ පැවැත්වුණි.
ද්වීපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව රාජ්‍ය නායකයින් දෙදෙනා ඒකාබද්ධ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරනු ලැබුවේය.






