FAST NEWS

24×7 Around the Globe

බාල ඖෂධ, එන්නත් සහ ශල්‍ය ද්‍රව්‍ය රැසක් රෝහල් වලින් ඉවතට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වසරේ ගතවු කාල සීමාව තුළ තත්වයෙන් බාල ඖෂධ, එන්නත් සහ ශල්‍ය ද්‍රව්‍ය වර්ග 80ක් පමණ රජයේ රෝහල් වලින් ඉවත් කර ඇති බව වෛද්‍ය සැපයුම් අංශය පවසයි.

මේ මාසයේදි පමණක් ඖෂධ සහ ශල්‍ය ද්‍රව්‍ය වර්ග හතරක් භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

ගුණාත්මකභාවයෙන් අඩු ඖෂධ වැඩිම ප‍්‍රමාණය ඉවත් කර ඇත්තේ පසුගිය ජුලි මාසයේ දී වන අතර මෙලෙස ඉවත් කරන ඖෂධ වර්ග පිළිබද සැපයුම්කරුවන් දැනුවත් කර ඒ සදහා ගෙවූ මුදල් යලි අයකර ගැනීමටයි නියමිත වේ.