FAST NEWS

24×7 Around the Globe

දේශපාලන පක්ෂ නායකයින් මැතිවරණ කොමිසමට කැඳවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සියලු දේශපාලන පක්ෂ නායකයින් දෙසැම්බර් 04 වනදා පෙරවරු 10.00 ට ජාතික මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවාතිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

එහිදී ඉදිරි මහ මැතිවරණය ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කිරිමට නියමිත බව සඳහන්.

මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරණවලදී අපේක්ෂකයින්ගෙන් අය කරන ඇප මුදල් සංශෝධනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සහ ඒ සඳහා පක්ෂවල එකඟතාව ලබා ගැනීම තවත් අරමුණක් වේ.