FAST NEWS

24×7 Around the Globe

ජනපති ගෝඨාභය ඉන්දීය විදේශ කටයුතු ඇමති හමුවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාවේ නිල සංචාරයක නිරත සිටින ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා එරට විදේශ කටයුතු අමාත්‍ය ජයිශංකර් සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් කුමාර් හමුවී තිබේ.

එහිදී දෙරට අතර සම්බන්ධතා තර කර ගැනීමට සාකච්ඡා කර තිබෙන බව සඳහන්.

ජනපතිවරයා අද දිනයේ එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි හමුවීමට නියමිතව තිබේ.