FAST NEWS

24×7 Around the Globe

පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර අහෝසි කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික පොලිස් කොමිසම විසින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර අහෝසි කිරිමට අනුමැතිය ලබා දී තිබේ.

නීතිය හා සාමය අමාත්‍යංශය විසින් කළ ඉල්ලිමකට මෙලෙස අනුමැතිය ලබා දුන් බව පොලිස් කොමිසමේ ලේකම් නිශාන්ත වීරසිංහ මහතා කියා සිටියේය.

ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරය දැරු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පොලිස් නීති කොට්ඨාශය වෙත අනුයුක්ත කර ඇත.

ඔහු පොලිස් නීති කොට්ඨාශයේ නීති අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනු ලැබේ.

එමෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරුන් 3 දෙනෙකු / පොලිස් අධිකාරිවරුන් 4 දෙනෙකු / සහකාර පොලිස් අධිකාරිවරුන් 3 දෙනෙකු ඇතුලු පොලිස් නිලධාරීන් පිරිසක් ස්ථාන මාරු කිරිමට ද පොලිස් කොමිසම අනුමැතිය දුන් බව වැඩිදුරටත් වේ.