(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අඩු ආදායම් ලබන ජනතාවට අඩුම මිලට නළ මාර්ගික ජලය ලබා දීමටත්, නිෂ්පාදිත පානීය ජල නාස්තිය වළක්වාලීමටත් කඩිනම් පියවර ගත යුතු බව නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියබන්දු වික්‍රම මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ ජල සම්පාදන පහසුකම් අමාත්‍යාංශයේ සහ එය යටතේ ක්‍රියා කරන ආයතනවල උසස් නිලධාරීන් සමඟ පැවැත් වූ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින්.
මෙම උසස් මට්ටමේ සමාලෝචන රැස්වීමට ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් ජේ.එම්.මංගලතිස්ස, අතිරේක ලේකම්වරුන් වන ඩබ්.එම්.ආර්.පී. වීරසිංහ, ඒ.සී.එම් නෆීල්, එල්.මංගලිකා, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී ආර්.එම්.රුවිනිස්, අතිරේක සාමාන්‍යාධිකාරි තිළිණ ජයවර්ධන ඇතුළු උසස් නිලධාරීහු එක් වූහ.









