ජිනීවා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සාමාජිකත්වයෙන් අනු කමිටුවක් පත්කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පියවර ගෙන තිබේ.
නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, ෆයිසර් මුස්තාෆා, සුසිල් ප්‍රේමජයන්ත, දුමින්ද දිසානායක යන අමාත්‍යවරුන් මෙන්ම කේසර ලාල් ගුණසේකර හා අතාවුද සෙනෙවිරත්න යන මහත්වරුන් එහි සෙසු සාමාජිකයින් වෙති.
අදාළ කමිටුව හෙට දිනයේ රැස්වීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම් දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ ය.







