(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධුරය ලබාදෙන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් කථානායකවරයාට ලිපියක් ලබාදී තිබේ.
කථානායක මාධ්‍ය ඒකකය සඳහන් කළේ එම ලිපිය ඊයේ (27) පස්වරුවේ එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු 57 දෙනෙකුගේ අත්සනින් යුතුව කථානායකවරයාට දුන් බවයි.
එම ලිපිය කථානායකවරයා විසින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් වෙත යොමුකර තිබේ.
ඒ අනුව විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් කථානායකවරයාගේ නිල නිවේදනය මීළඟ පාර්ලිමේන්තු දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.








