FAST NEWS

24×7 Around the Globe

සැක කටයුතු ගුවන් යානා හෝ ඩ්‍රෝන යානා පිලිබඳ දැනුම් දීමට ක්‍ෂණික අංකයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සැක කටයුතු ගුවන් යානා හෝ සැක කටයුතු ඩ්‍රෝන යානා ආදිය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට නව දුරකථන අංකයක් හඳුන්වා දෙයි.

හදිසි අවස්ථාවලදී මහජනතාව විසින් ගුවන් හමුදාව දැනුවත් කිරීමට යෑමේදී ඔවුන් අපහසුතාවයට පත්වෙන් බව ගුවන් හමුදාව පවසයි.

එයට පිළියමක් වශයෙන් 115  අංකයක් හඳුන්වා දී ඇත.

ඒ අනුව මෙම දුරකථන අංකය ඇමතීමෙන් ජනතාවට ඉතා පහසුවෙන් මේ ගැන දැනුවත් කිරීමේ හැකියාව ලැබෙන බව ගුවන් හමුදාව පවසයි.