FAST NEWS

24×7 Around the Globe

උතුරු දුම්රිය ගමනාගමනයට තවදුරටත් බාධා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ගල්ගමුව සහ අඹන්පොල අතර ඊයේ (27) සිදුවූ දුම්රිය පීලිපැනීම හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට තවදුරටත් බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

යාපනය සිට කොළඹ බලා පැමිණි යාල්දේවි සීඝ්‍රගාමී දුම්රිය ඊයේ පෙරවරු 6.25 ට මෙලෙස පීලිපැනීමකට ලක්විය.

දුම්රියේ මැදිරි 05 ක් පීලිපැනීමකට ලක්වී ඇති අතර, ඒ හේතුවෙන් කොළඹ සිට උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය වන සියලූ දුම්රිය මහව දුම්රිය ස්ථානයට පමණක් සීමා කර ඇත.

මේ හේතුවෙන් අද රාත්‍රියේ ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය දෙකක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කන්කසන්තුරය සහ යාපනය බලා ගමන් ගන්නා තැපැල් දුම්රිය දෙකක් මෙලෙස අවලංගු කර තිබේ.