FAST NEWS

24×7 Around the Globe

වැට් බද්ද 8% දක්වා අඩු කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   15% ක්ව පැවති වැට් බද්ද 8% දක්වා පහත හෙලන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. 

මීට අමතරව , ගෘහස්ත භාණ්ඩ හා සේවා මත අයකරන ජාතිය ගොඩනැගීමේ බදු, ආර්ථික සේවා ගාස්තු, බැංකු හා මූල්‍ය ආයතනවල හර බදු, උපයනවිට ගෙවන ආදායම් බදු අහෝසි කිරීමට තීරණය කර ඇති බවද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පැවසීය.