FAST NEWS

24×7 Around the Globe

මහනුවර ප්‍රදේශ කීපයකට පැය 28 ක ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හෙට (28) පෙරවරු 9.00 සිට පැය 28 ක කාලයක් සඳහා මහනුවර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි. 

මහනුවර දකුණ බල ප්‍රදේශයට අයත් නිල්ලඹ ජල පවිත්‍රාගාරයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

ඒ අනුව සිකුරාදා පස්වරු 1.00 දක්වා උඩුනුවර, ගෙළිඔය, වැලිගල්ල, එගොඩ කළුගමුව, මෙගොඩ කළුගමුව, අඹකුඹුර, ගනේගොඩ, දවුලගල, හිද්දවුල සහ පිළිමතලාව යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.