ව්‍යවස්ථා සභාව සඳහා යෝජනා කරන ලද සිවිල් නියෝජිතයින්ගේ නම් ලබන (22) අඟහරුවාදා පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි.
ව්‍යවස්ථා සභාව සඳහා කථානායක, අග්‍රාමාත්‍ය, විපක්ෂ නායක යන තනතුරු නිල බලයෙන් පත් වෙයි.
සෙසු සාමාජිකයින් ද සමග සමස්ත නියෝජිතයින් සංඛ්‍යාව 10ක්.
දැනට ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය පාඨලී චම්පික රණවක පත් කර ඇති අතර ආණ්ඩුවේ නියෝජිතයා ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් නම් කරනු ලැබුවේ, අමාත්‍ය විජයදාස රාජපක්ෂයි.
අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා එක්ව නියෝජිතයින් 5ක් පත් කෙරේ.
ඔවුන්ගෙන් 3 දෙනෙකු සිවිල් නියෝජිතයින් වන අතර සෙසු නියෝජිකයින් දෙදෙනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වනු ඇති.
අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා නියෝජනය නොකරන අයෙකු ද ව්‍යවස්ථා සභාවට පත් කළ යුතු වුවත් තවම ත් ඒ සඳහා නමක් යොජනා කර නැහැ.
ව්‍යවස්ථා සභාව ලබන අද (21) රැස් වීමෙන් පසු ස්වාධීන කොමිෂන් සභා 09ක් සඳහා නියෝජිතයින් නම් කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරෙනු ඇති.







