FAST NEWS

24×7 Around the Globe

රුවන්වැලි මහා සෑයෙහි නව කොත් වහන්සේ නිරාවරණය කළ අයුරු [PHOTO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අනුරාධපුර රුවන්වැලි මහා සෑයෙහි තැන්පත් කරන ලද චූඩා මාණික්‍යය පැළඳ වූ නව කොත් වහන්සේ අද පෙරවරුවේ නිරාවරණය කෙරුණි.

වසර 80 කට වඩා පැරණි චූඩා මාණික්‍යය පළුදු වී දුර්වර්ණ වීම නිසා මෙම රන් පාදමක් සහිත නව චූඩා මාණික්‍යය නිර්මාණය කිරීමට පියවර ගත්තේය.

නව චූඩා මාණික්‍යයේ පළිඟු කොටස සඳහා භාවිත කොට ඇත්තේ දියමන්තිවලට පමණක් දෙවැනි වන රොක් ක්‍රිස්ටල් නම් පාෂාණය යි.

මෙම චූඩා මාණික්‍යය රුවන්වැලි මහසෑරඳුන්ට පැළඳවීමට පෙර ජනතාවට දැක බලා ගැනීම සඳහා පසුගිය නොවැම්බර් 18 වන දින සිට කොළඹ ඇතුළු දිවයිනේ ස්ථාන කිහිපයක දී අවස්ථාව සලසා දී තිබුණු අතර ඊයේ (25) දහවල් 12.00 දක්වා රුවන්වැලි සෑ පුදබිමේ දි ද ප්‍රදර්ශනය කෙරුණි.

ඉන් අනතුරුව ඊයේ (25) පස්වරුවේ රන් පාදම සහිත නව චූඩා මාණික්‍යය සහිත කොත්වහන්සේ ඓතිහාසික රුවන්වැලි මහසෑරදුන්ට පැළඳවීම සිදු කරන ලදී.