FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළ ප්‍රතිඵල දෙසැම්බර් අවසානයේ දී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දෙසැම්බර් මස අවසානයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබාදීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

දෙසැම්බර් මස අවසන් සතියේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත කියා සිටියේය.

අද (26) මධ්‍යම රාත්‍රියේ සිට දෙසැම්බර් මස 12 වන දින දක්වා සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු සහ දේශන පැවැත්වීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ඒ අනුව එම කාලය තුළ විභාගය සඳහා පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම සහ ඒවා ළඟ තබාගැනීම සම්පූර්ණයෙන් තහනම් වනු කර තිබේ.