(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත විසින් මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ප්‍රවේශ පත්‍ර ලැබී ඇති අයදුම්කරුවන්ට තමන් ඉල්ලුම් කළ විෂයන් සහ විෂය අංකවල වෙනසක් ඇත්නම් ඒ පිළිබද වහාම විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙස දැනුම් දීමක් සිදුකර තිබේ.
ඔහු පවසන ආකාරයට පාසල් අයදුම්කරුවන්, විදුහල්පතිවරයා හරහාත්, පෞද්ගලික අයදුම්කරුවන් ඍජුවම විභාග දෙපාර්තමේන්තුව ඇමතීමෙනුත් ඒ පිළිබද අවශ්‍ය සංශෝධන සිදුකර ගත හැකි බවයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අපේක්ෂකයින් සංඛ්‍යාව හත් ලක්ෂ 17,008 ක් පෙනී සිටීමට නියමිත අතර දෙසැම්බර් මස 02 වැනිදා සිට 12 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 4987 කදී එය පැවැත්වීමට නියමිතයි.








