FAST NEWS

24×7 Around the Globe

රුවන්වැලි මහා සෑ රදුන්ට චූඩා මාණික්‍යය පැළඳවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව චූඩා මාණික්‍යය අනුරාධපුර – රුවන්වැලි මහ සෑ රදුන්ට පැළදවීම අද (25) පස්වරු 6.00 ට සිදු කිරීමට නියමිතයි.

නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක, ස්වර්ණමාලී මහා චෛත්‍යරාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් සඳහන් කළේ අද දහවල් 12.00 දක්වා චූඩාමාණික්‍යය මහජන ගෞරවය සඳහා ප්‍රදර්ශනය කෙරෙන බවයි.

හෙට (26) පෙරවරු 10.00 ට මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් රන් පාදම සහිත නව චූඩා මාණික්‍යය පැළදවූ රන් ආලේපිත කොත නිරාවරණය කෙරෙන බව පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් කියා සිටියි.

වසර 80කට පමණ පෙර රුවන්වැලි මහසෑ රඳුන්ට පළදවා ඇති චූඩා මාණික්‍යය වෙනුවට ක්‍රිස්ටල් පාෂාණයෙන් සමන්විත නව චූඩා මාණික්‍යය පැළදවීම සිදුකෙරෙන්නේ විශ්ව පාරමී පදනමේ සංකල්පයක් මතයි.

එහි රන් පාදමට මැණික් ගල් 5400කට අධික ප්‍රමාණයක් ඔබ්බවා තිබෙන බව සඳහන්.