FAST NEWS

24×7 Around the Globe

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ශ්‍රී දළදා මාලිගාවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (24) පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වුණි.

එහිදි ශ්‍රී දළදා මාලිගාවේ කිරි ආහාර පුජාවට ද සහභාගි වු අග්‍රාමාත්‍යවරයා දළදා සමිදුන් වැද ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ රාමඤ්ඤ නිකායේ මහානායක අතිපුජ්‍ය අග්ගමහ පණ්ඩිත නාපානේ පේමසිරි නා හිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගෙන තිබේ.

මිට අමතරව අග්‍රමාත්‍ය ගැටඹේ රාජෝපවනාරාමය වෙත ද අද පෙරවරුවේ පැමිණ ඇතිබව සඳහන්.

එහිදි විහාරාධිපති පුජ්‍ය කැප්පෙටිගොඩ සිරිවිමල නා හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගෙන ඇත.