FAST NEWS

24×7 Around the Globe

සේනා දළඹු උවදුර යළිත්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනේ සේනා දළඹු උවදුර යළිත් බඩඉරිඟු වගා කරන දිස්ත්‍රික්ක හතරකින් වාර්තා වන බවත් එය පාලනය කිරීම සඳහා මේ වනවිටත් ගොවීන්ට උපදෙස් ලබාදී ඇති බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ අනුර විජේතුංග පවසයි.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී අම්පාර දිස්ත්‍රික්කයේ බඩඉරිඟු වගාවකින් පළමු වරට හමු වූ සේනා දළඹු විශේෂය, මාස තුනහමාරක පමණ කාලයක් තුළ අම්පාර, මොණරාගල, කුරුණෑගල හා අනුරාධපුර දිස්ත්‍රික්කවලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටද ව්‍යාප්ත වු අතර බඩඉරිඟු වගා කළ හෙක්ටයාර 80,000 ක් පමණ වගාබිම්වලින් 50% කට අධික ප්‍රමාණයක් සේනා දළඹු වසංගතයට ගොදුරු වුණි.