FAST NEWS

24×7 Around the Globe

ඩෙංගු රෝගය යළි හිස ඔසවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පවතින අධික වර්ෂාව හේතුවෙන් ඩෙංගු රෝගය වර්ධනය වීමක් පවතින බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.

2019 වසරේ දැනට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 73 දහස් 601 ක් වන අතර වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පලාතෙන් වාර්තාවෙයි.

මේ සඳහා ලබන 27 වනදා සිට දින 6 ක් පුරා ඩෙංගු මර්ධන විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා කියා සිටියි.

මෙම වැඩසටහන කොළඹ, ගම්පහ, මාතලේ, යාපනය, මඩකලපුව සහ කල්මුනේ යන දිස්ත්‍රික්ක පදනම්ව ක්‍රියාත්මක වීමට නියමිතයි.

ඔහු සදහන් කළේ ඩෙංගු මදුරුවන් බෝවන ආකාරයෙන් පරිශ්‍ර පවත්වාගෙන යන පුද්ගලයින්ට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි

මෙම වසරේ ඩෙංගුරෝගය හේතුවෙන් මේ වන විට මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 92 ක් වෙයි.