FAST NEWS

24×7 Around the Globe

ජනපතිගේ ප්‍රථම විදෙස් සංචාරයේ දූත පිරිස 10 කට සීමා වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉන්දියානු සංචාරයට එක්වන ශ‍්‍රී ලංකා දූත පිරිස දස දෙනෙකුට සීමා කර තිබේ. 

මේ මස 29 වනදා මෙම නිල සංචාරය සිදු කිරීමට නියමිතව ඇත.

කිසිදු කැබිනට් අමාත්‍යවරයකු එම සංචාරය සඳහා එක් කර නොගැනීමටත් , මුදල්, ආරක්ෂක, විදේශ කටයුතු යන අමාත්‍යාංශවල ලේකම්වරුන් ඇතුළු පිරිසක් සංචාරයට එක්වීමට නියමිත බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පළමු නිල විදේශ සංචාරය වන ඉන්දීය සංචාරයට එක්වන්නේ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ ආරාධනාවකට අනුවයි.