FAST NEWS

24×7 Around the Globe

අල්ලස් ගත් සහකාර පොලිස් අධිකාරිවරයා රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් හලාවත සහකාර පොලිස් අධිකාරිවරයා ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබීය. 

ඊයේ පස්වරුවේ හලාවත වැඩබලන මහේස්ත්‍රාත් බී.යූ. ශානක උදයංග වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මුන්නේෂ්වරම් ප්‍රදේශයේ පිහිටි දේවාලයක හිමිකරුවෙකුගෙන් කෝවිලේ ඇති හක්ගෙඩි වලට නඩු නොපවරවා සිටීම සඳහා සහ බාධාවකින් තොරව දේවාලයේ කටයුතු පවත්වාගෙන යෑමට ඉඩ ලබාදීම සඳහා රුපියල් ලක්‍ෂ දෙකක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 1,90,000/- ක අල්ලසක් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හලාවත සහකාර පොලිස් අධිකාරිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ (22) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.