(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද දිනයේ දී පත්කරනු ලැබූ නව ආණ්ඩුවත් සමඟ පාර්ලිමේන්තුවේ ආසන පැනවීම ජ්‍යෙෂ්ඨත්වය අනුව සිදුකරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේය.
අමාත්‍යවරුන් දිවුරුම්දීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ ආසන පැනවීම සිදුකෙරෙන බව ඔහු කියා සිටියේය.
මීට අමතරව , අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශකර සිටියේ පාර්ලිමේන්තුවේ සභානායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක පත් කිරීම සම්බන්ධයෙන් ලබන අඟහරුවාදා පැවැත්වෙන ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී තීරණය කෙරෙන බවයි.








