(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය දක්වා භාරකාර ආණ්ඩුවක් පත් කිරිමට නියමිත බව වාර්තා වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේදි මහනුවර ප්රදේශයේ සංචාරයක නියැලෙන බැවින් නව භාරකාර ආණ්ඩුව හෙට (21) දිනයේදි පත් කෙරෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
එම භාරකාර ආණ්ඩුවේ අගමැතිධුරය සදහා පාර්ලිමේන්තු මන්ත්රි දිනේෂ් ගුණවර්ධන ගේ නම යෝජනාවි ඇති බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
15 දෙනෙකු ගෙන් සමන්විත වන මෙම භාරකාර ආණ්ඩුව සදහා ශ්රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රිවරුන් තිදෙනෙකු ද ඇතුලත් විමට නියමිත බව වාර්තා වේ.








