(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා අද(20) පළමුවරට මහනුවර දළදා මාළිගය වැඳ පුදා ගත්තේය.
නව ජනධිපතිවරයා දැක බලා ගැනීමට මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වෙත විශාල ජනතාවක් පැමිණ සිටි බව අප වාර්තාකරු පැවසීය.
ජනාධිපතිවරයා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැදපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැකීමට නියමිතය.
එසේම නව ජනාධිපතිවරයා අද පස්වරුවේ ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමි බැහැ දැකීමට ද නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.








