(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය පළමු නිළ සංචාරය සඳහා මේ මස 29 වන දා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව ඇත.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් ඊයේ (19) පස්වරුවේ දිවයිනට පැමිණි අතර රාත්‍රියේ ජනාධිපතිවරයා හමුවී සාකච්ඡාවක ද නිරත විය.
නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉන්දියාවට පැමිණෙන්නැයි එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කළ ආරාධනය රැගෙන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරටට පැමිණි අතර ඒ අනුව ජනාධිපතිවරයා මේ මස 29 වන දා ඉන්දියාවේ සංචාරයක් සඳහා එක්වීමට තීරණය කර තිබේ.








