FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති මෛත්‍රී මරණ දඩුවම ජනවාරියේදි ගෙනෙන බව කියයි.

පාර්ලිමේන්තුවෙන් එකඟත්වයක් ඇතිවුවහොත් ලබන වසරේ සිට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට තමා බලාපෙරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. අද (18 ගාලු නගර සභා ශාලාවේ පැවැති ) ජනපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යසාධක බළකායේ ජාතික වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

“මරණීය දණ්ඩනය නියම කිරීමේදී මානව හිමිකම් ගැන කතාකරන සංවිධාන මේවාට හරස් වෙනවා. චීනය, ඇමරිකාව වගේ ප්‍රබල රටවල්වල අදත් මරණ දඬුවම ක්‍රියාත්මත වෙනවා. ඒ නිසා මරණ දඬුවම දීම සම්බන්ධයෙන් මගේ අකමැත්තක් නැහැ. ඉදිරි මාස කිහිපය තුළ පාර්ලිමේන්තුවේ කැමැත්ත විමසීමට මම බලාපොරොත්තු වෙනවා. මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙන් එකඟත්වයක් ඇති උනොත් මම බලාපොරොත්තු වෙනවා ලබන වසරේ සිට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට” යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.