FAST NEWS

24×7 Around the Globe

රුවන්වැලි මහ සෑයේ නව චූඩා මාණික්‍යය කොළඹදී මහජන ප්‍රදර්ශනයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අනුරාධපුර – රුවන්වැලි මහ සෑ රදුන්ට පළඳවන රන් පාදම සහිත නව චූඩා මාණික්‍යය අද (18) සිට අනිද්දා (20) දක්වා කොළඹ – බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මහජන ගෞරවය සඳහා ප්‍රදර්ශනය කරන බව නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, ස්වර්ණමාලී මහා චෛත්‍යරාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් පවසයි.

ලබන 21 වනදා එය කොළඹ බණ්ඩාරානායක සම්මන්ත්‍රණ ශාලාවේ සිට අනුරාධපුරය දක්වා වැඩමකරවීම සිදුකරන බවයි උන්වහන්සේ සඳහන් කළේය.

ලබන 22, 23 සහ 24 යන තෙදින තුළ අනුරාධපුර රුවන්වැලි සෑ පුදබිමේදීද ජනතාවගේ වන්දනා මානයට අවස්ථාව සළසා ඇති අතර, චූඩා මාණික්‍යය රුවන්වැලි මහ සෑ රදුන් මත පැළඳවීම නොවැම්බර් 25 වනදා සිදුකිරීමට නියමිතයි.