FAST NEWS

24×7 Around the Globe

ගෝඨාභය ඉදිරියෙන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2019 ජනාධිපතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව සමස්ත ඡන්ද 1,431,245 ක සංඛ්‍යාවක් හිමි කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පෙරමුණ ගෙන තිබේ.

මෙය මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 47.77% කි.

මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මේ වන විට ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 1,368,384 ක් වන අතර එය මෙතෙක් නිකුත් කර ඇති ඡන්ද ප්‍රමාණයෙන් 45.67% ක් ලෙසින් වාර්තා වේ.

ජාතික ජනබලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක ඡන්ද 94,231 ක් වාර්තා කරමින් මෙම ලැයිස්තුවේ තෙවැනි ස්ථානයට පත් ව සිටියි.

මෙය 3.28%ක ඡන්ද ප්‍රතිශතයකි.

මේ වන විට යාපනය, වන්නි හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන්හි සමස්ත දිස්ත්‍රික් ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර අවසන්ව ඇත.