(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වූ පසු ඡන්ද මධ්‍යස්ථාන වල සිට ඡන්ද ගණන් කරන මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් 25,000 ක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසා සිටියේය.
මේ සඳහා ඡන්ද මධ්‍යස්ථානවල සේවය සඳහා යොදවා තිබූ පොලිස් නිළධාරීන්ම යොදා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මෙයට අමතරව ඡන්ද මධ්‍යස්ථාන හා අවට ප්‍රදේශයයේ ආරක්ෂාව සඳහා පොලිස් ජංගම මුර සංචාර 3,043 ක් ක්‍රියාත්මක කොට තිබෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.








