FAST NEWS

24×7 Around the Globe

ප්‍රධාන අපේක්ෂකයන් ⁣2 ක් සිය ඡන්දය ලබාදෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනපතිවරණ තරග බිමේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනෙකු සිය ඡන්දය මේ වන විට ප්‍රකාශකර හමාරය.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නුගේගොඩ ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදී  අද(16) පෙරවරු 08.00ට පමණ  සිය ඡන්දය ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජානාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා තිස්සමහාරාම වීරවිල සුරනිමල ප්‍රාථමික විදුහලේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයේදී  පෙරවරු 7.15ට පමණ සිය ඡන්දය ප්‍රකාශ කර තිබේ.