(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පලාලි හා පලෙයි පොලිස් වසම් සඳහා යුද හමුදාවෙන් යොදවන ලද මාර්ග බාධක කීපයක් ක්‍රියාත්මක වූ අතර එය මේ වන විට ඉවත් කර ගෙන ඇතැයි පොලීසිය පවසයි.
යුද හමුදාව විසින් ඊයේ (15) දිනයේදී මෙම මාර්ග බාධක යොදවා තිබිණි.
ජනපතිවරණය පැවැත්වීමට නියමිතව තිබිය දී මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව මෙලෙස යුද හමුදාව විසින් මාර්ග බාධක යෙදවීම නීත්‍යානූකූල නොවන බැවින් යුද හමුදා නිලධාරීන් වෙත ඒ පිළිබඳව පොලීසිය විසින් දැනුම් දී ඇත.








