FAST NEWS

24×7 Around the Globe

දිවයිනේ සියළුම පාසල් හෙට වසයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව දිවයිනේ සියලු පාසල් හෙට වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඊට අමතරව ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස භාවිත කරන පාසල් අද (14) වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්. එම්. එම් රත්නායක මහතා සඳහන් කළේ ය.