FAST NEWS

24×7 Around the Globe

ජනපතිවරණය සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපතිවරණයේ ආරක්ෂක රාජකාරී සහ සාමාන්‍ය රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 60,175 දෙනෙකු යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පොලිස් මූලස්ථානයේ ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය.

මෙහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ පොලිස් නිලධාරීන්ට අමතරව සිවිල් ආරක්ෂක බලකායේ භටයන් 8080 දෙනෙකු සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ද මෙවර ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති බවයි.