FAST NEWS

24×7 Around the Globe

විදේශීය නිරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් අද දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා තවත් විදේශීය නිරීක්ෂණ කණ්ඩායම් අද (12) සහ හෙට (13) මෙරටට පැමිණීමට නියමිතයි.

දකුණු කොරියාව, මාලදිවයින, ඉන්දියාව, ඉන්දුනීසියාව සහ භූතානය යන රටවල නිරීක්ෂකයින් මීට ඇතුළත් වන අතර පොදුරාජ්‍ය මණ්ඩලයේ සහ ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නිරීක්ෂකයන් නිරීක්ෂණ කටයුතු සඳහා දැනටමත් දිවයිනට පැමිණ අවසන්.