FAST NEWS

24×7 Around the Globe

ජනධිපති ආරක්ෂක අංශ වාහන අංගනය හදිසියේ ගිනි ගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ජනාධිපති ආරක්ෂක අංශයේ වාහන අංගනය තුළ හදිසි ගින්නක් හටගෙන ඇති බව පොලිසිය පවසයි.

කොළඹ 01, මුදලිගේ මාවතේ පිහිටි වාහන අංගනය තුළ ඊයේ(10) රාත්‍රී 10.00ට පමණ මෙම ගින්න හටගෙන ඇති.

කොළඹ ගිනි නිවන ඒකකය  සඳහන් කළේය පැය කිහිපයක් ඇතුලත ගින්න මැඩපවත්වා ගැනීමට හැකිවූ බවයි.

ඒ සඳහා ගිනි නිවිමේ රථ 05ක් යොදාගෙන තිබේ.

ගින්නෙන් වාහන අංගනයේ තිබු යතුරු පැදි 47ක් සහ ත්‍රිරෝද රථයක් විනාශ වී ඇති බව පොලිසිය පැවසීය.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් කොටුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.