FAST NEWS

24×7 Around the Globe

ජනාධිපතිවරණයේ මූලික කටයුතු අවසන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාව පවසන ආකාරයට එළඹෙන 16 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ මූලික කටයුතු මේ වනවිට අවසන් තිබේ.

රාජගිරියේ පිහිටි මහබැංකු ශ්‍රවණාගාරයේදි ඊයේ (09) ජනාධිපතිවරණයට අදාළ සංවිධාන කටයුතු පිළිබද දැනුවත් කිරීම සඳහා දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ අතිරේක මැතිවරණ කොමසාරිස්වරුන් ද එක්ව සිටියේය.

එහිදී ඡන්ද විමසීමේ කටයුතු සඳහා ඡන්ද මධ්‍යස්ථාන සූදානම් කිරීම, ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව හා ඡන්ද ගණන් කිරීම මෙන්ම ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව සාකච්ඡා වී ඇත.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොමැති ඡන්ද දායකයන්ට ජාතික හැඳුනුම්පත හෝ පිළිගත් අනන්‍යතා පත්‍රයක් ඉදිරිපත් කර ඡන්දය ප්‍රකාශ කළ හැකි බවයි මැතිවරණ කොමිසන් සභාව දැනුම් දෙයි.