FAST NEWS

24×7 Around the Globe

කථානායකගෙන් ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හෙට(12) දිනයේ පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වන්නැයි කථානායක කරූ ජයසූරිය  සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 දරන ස්ථාවර නියෝගය ප්‍රාකාරවයි හෙට මෙම විශේෂ පාර්ලිම්න්තු රැස්වීම කැඳවා ඇත.

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පණත් කෙටුම්පත දෙවැනිවර කියවීම හා නවෝත්පාදන නියෝජිත ආයතනය පිහිටුවීමේ පණත් කෙටුම්පත දෙවනවර කියැවීම සඳහා හෙට දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.