FAST NEWS

24×7 Around the Globe

මත්තලට එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් ගොඩබස්වයි.

ශී‍්‍ර ලන්කන් ගුවන් සේවයේ එ330 එයාර් බස් වර්ගයට අයත් යූ.එල් 9001 දරන ගුවන් යානය අද (18) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට මත්තල ගුවන් තොටුපොළ දක්වා පියාසර කර ඇති බව වාර්තා වේ.

උදෑසන 7.40ට පමණ මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළින් ගුවන් ගත කෙරුණු බව සඳහන් වේ.

කෙසේ වෙතත් කුමන හේතුවක් සඳහා මෙම ගුවන් යානය මත්තල බලා ගමන් කළේද යන්න මෙතෙක් වාර්තා නොවේ.