(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දෙසැම්බර් මස 3 වනදා දක්වාපාර්ලිමේන්තුව කල් තැබීමට පක්ෂ නායකයන් එකඟතාවකට පැමිණ ඇත.
පසුගිය 31 වනදා කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදි මේ බව තීරණය කර තිබේ.
ඒ අනුව අද පෙරවරු 10.30 ට පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු සභානායකවරයා විසින් සභාව කල් තැබීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
පක්ෂ නායක රැස්වීමේදී , පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම ඡන්ද බල ප්‍රදේශවල මැතිවරණ කටයුතුවල යෙදී සිටීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ ඝනපූරණය පවත්වාගෙන යාමේ ගැටළුවක් ඇති බවට අවධානය යොමුවී තිබිණි.
පාර්ලිමේන්තුව ඒ අනුව මෙලෙස දෙසැම්බර් 3 වනදා දක්වා කල් තැබීමට එකඟතාවකට පැමිණ තිබේ.
නවෝත්පාදනයට අදාළ ජාතික ප්‍රතිපත්ති රජයට නිර්දේශ කිරීම සඳහා ජාතික නවෝත්පාදන නියෝජිත ආයතන පිහිටුවීමේ පනත අද (07)පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.








