FAST NEWS

24×7 Around the Globe

ප්‍රංශය බලා යාමට සුදානම් වූ පිරිසක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රංශය බලා යාමට පැමිණි පුද්ගලයින් 06 දෙනෙකු හලාවත වැල්ල මෝයකට ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රංශය බලා යාමට සුදානම් වූ අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ නාවික හමුදා නිලධාරින් සහ හලාවත පොලිස් ස්ථානයේ නිලධාරින් එක්ව සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට හැකි වූ බවයි.

මෙහිදී  සැකකරුවන් පැමිණි කැබ් රථය, ප්‍රංශය බලා පිටත්වයාමට සූදානම් කර තිබූ ඩිංගි බෝට්ටු 02ක් සහ ටොලර් යාත්‍රාවක් ද පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බත්තුළුඔය, උඩප්පුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28ත් 32ත් අතර වයස්වල පසුවන අය බව සඳහන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.