FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති අපේක්ෂකයින් මැතිවරණ කොමිසමට හමුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති අපේක්ෂකයින් හා ජනාධිපතිවරණයට තරග වදින දේශපාලන පක්ෂ ලේකම්වරුන් අද (06) මැතිවරණ කොමිසමට කැඳවා තිබේ.

ඒ, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමග පැවැත්වෙන සාකච්ඡාවක් සඳහායි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ඇතිවිය හැකි විවිධ ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

මෙහිදී අපේක්ෂකයින් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු මෙන්ම මාධ්‍ය භාවිතය පිළිබඳව ද සාකච්ඡාවට ලක් කිරීමට නියමිතයි.