FAST NEWS

24×7 Around the Globe

ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඡන්ද පත්‍රිකා සියල්ල මැතිවරණ කොමිසමට රජයේ මුද්‍රණාලය විසින් ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා සියල්ල මැතිවරණ කොමිසමට භාර දුන් බව ප්‍රකාශ කර තිබේ.

ඒ යටතේ නිල ඡන්ද පත්‍රිකා එක් කෝටි 70 ලක්ෂයක් මැතිවරණ කොමිසමට භාරදුන් බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළාය.

මෙවර ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඒ අනුව සාර්ථකව අවසන් කළ බව ද ඇය සඳහන් කළා ය.

මේ අතර ජනාධිපතිවරණයට අදාළ අනෙකුත් ලිපි ලේඛන මුද්‍රණය මේ වනවිට ආරම්භ කර ඇති අතර එම ලිපි ලේඛන ද කඩිනමින් මැතිවරණ කොමිසමට භාර දෙන බව ගංගා කල්පනී ලියනගේ මහත්මිය වැඩිදුරටත් පවසා තිබේ.