FAST NEWS

24×7 Around the Globe

දෙමළ සන්ධානයේ සහය සජිත්ට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය පළ කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.

එම සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් එම තීරණය ඉදිරියේදී නිළ වශයෙන් දැනුම් දීමට කටයුතු කරන බව වැඩිදුර ආරංචි මාර්ග පවසයි.

දෙමළ ජාතික සන්ධානය, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය, ටෙලෝ සහ ප්ලොට් යන පක්ෂවලින් සැදුම් ලබන අතර, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය පළ කරන බව ඊයේ (03) දිනයේ නිවේදනය කර සිටියේය.