FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ පැමිණිලි 2000 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපතිවරණයට අදාලව මේ දක්වා පැමිණිලි 2672 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ නීති උල්ලංඝණය කිරිම් 2553 ක් සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 24 ක් ද ඒ අතරට ඇතුලත් වේ.

පොලිසිය ප්‍රකාශ කර ආකාරයට පුද්ගලයින් 44 දෙනෙකු මේ වනවිට ජනාධිපතිවරණයේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ජනාධිපතිවරණයට අදාලව පොලිස් මුලස්ථානයට සමස්ථ පැමිණිලි 105 ක් ලැබී ඇති බවයි.

ගෙවුණු පැය 24 තුලදී ජනාධිපතිවරණයට අදාලව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 132 කි.