(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙරොයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ බෝට්ටුවක් ගාල්ලට ඔබ්බෙන්වූ මුහුදු තීරයේදි නාවික හමුදා භාරයට ගෙන තිබේ.
හෙරොයින් බවට සැක කෙරෙන කිලෝග්‍රෑම් 200 කට අධික මත්ද්‍රව්‍ය තොගයක් එහිදී සිය භාරයට ගත් බව නාවික හමුදා ප්‍රකාශක, ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසුවේය.
සොයාගනු ලැබූ මත්ද්‍රව්‍ය තොගය සහිත බහුදින යාත්‍රාව මේ වනවිට නාවික හමුදා මුර යාත්‍රා මගින් කොළඹ වරායට රැගෙන විත් තිබේ.
වසරේ මේ දක්වා කාලය තුළ නාවික හමුදාව සිදුකළ මෙහෙයුම්වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 739 ක් සිය භාරයට ගෙන ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.








