FAST NEWS

24×7 Around the Globe

පොදු රාජ්‍ය මණ්ඩල අධිකරණ අමාත්‍යවරුන්ගේ සමුළුව අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදු රාජ්‍ය මණ්ඩලීය සංගමයේ ලේකම් පැට්රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල අධිකරණ අමාත්‍යවරුන්ගේ සහ ජ්‍යෙෂ්ඨ අධිකරණ නිලධාරීන්ගේ සමුලුව අද (04) කොළඹ දී ආරම්භ වේ.

ලබන 08 වනදා දක්වා පැවැත්වෙන මෙම සමුලුවට සහභාගී වීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය සංගමයේ ලේකම්වරිය ඊයේ (03) පස්වරුවේ දිවයිනට පැමිණියාය.

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතර පවතින නීති පද්ධතිය / නීතින් පිළිබද දැනුම හුවමාරුව / අධිකරණ පහසුකම් සංවර්ධනයට නීතිමය සහයෝගිතාවය / සිවිල් නීති පද්ධතිය හා දුෂණය නීති පද්ධතියේ විවිධත්වය ඇතුලු කලාපීය රටවල් අතර නීතිමය අන්‍යෙන්‍ය සහයෝගයෙන් කටයුතු කිරිම පිළිබද මෙවර සමුලුවේදී සාකච්ඡා කිරිමට නියමිතයි.

අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා සහ අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය ද මෙම සමුලුවට එක්වනු ඇත.