(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලිට්‍රෝ සමාගම විසින් ගෑස් හිඟයට පිළියමක් ලෙස ගෑස් මෙට්‍රික් ටොන් 12000 ක හදිසි මිලදී ගැනීමක් සිදු කිරීමට තීරණය කර තිබේ.
ගෑස් මෙට්‍රික් ටොන් 3600 ක් රැගත් නැවක් අද (04) වරායට සේන්දු වූ බව මුදල් අමාත්‍යංශය නිවේදනය කළේය.
තවත් මෙට්‍රික් ටොන් 3600 ක් රැගත් නෞකාවක්හෙට (05) දිනයේදී පැමිණීමට නියමිත වේ.
එම තොග ඇණවුම් කර ඇත්තේ හදිසි මිලදී ගැනීම් යටතේ සාමාන්‍ය ප්‍රතිසම්පාදනය ක්‍රියාවලිය යටතේ වන අතර ඒ අනුව මෙට්‍රික් ගෑස් මෙට්‍රික් ටොන් 6000 ක් ලබන සතියේ දිවයිනට ළඟා වනු ඇත.
එලෙස ආනයනය කෙරෙන ගෑස් තොග කඩිනමින් වෙළඳ පොළට මුදා හැරෙන බව මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.








